බලහත්කාරයෙන් අතුරුදන් කිරීම්වලට ලක්වූ වින්දිතයන් පිළිබඳ ජාත්‍යන්තර දිනයට සමගාමීව, යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ඉදිරිපිටදී අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP) විසින් සංවිධානය කරන ලද වැඩසටහනකට එරෙහිව දෙමළ මව්වරුන් සහ ඥාතීන් දැවැන්ත විරෝධතාවක නිරතවූහ.
අතුරුදන් වූ තම ආදරණීයයන්ට යුක්තිය ඉල්වා වසර ගණනාවක් පුරා අඛණ්ඩ අරගලයක යෙදී සිටින මෙම ඥාතීන් පෙන්වා දෙන්නේ, අතුරුදන් වූවන් පිළිබඳ කාර්යාලය (OMP) යනු තමන්ට සාධාරණයක් ඉටු කිරීමට අපොහොසත් වූ සහ විශ්වාසය බිඳ වැටුණු ආයතනයක් බවයි. එබැවින්, එවැනි ආයතන විසින් සංවිධානය කරනු ලබන මෙවැනි වැඩසටහන් මඟින් සිදුවන්නේ වින්දිතයන්ගේ වේදනාව සමඟ සෙල්ලම් කිරීමක් බව පවසමින් ඔවුහු සිය විරෝධය දැඩි ලෙස ප්‍රකාශ කළහ.














