හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා මුහුදු නැව් ගමනාගමනය සඳහා ඉරානය සහ ඕමානය නව තාවකාලික නාවික මාර්ගයක් සම්බන්ධයෙන් එකඟතාවයකට පැමිණ ඇති බවත්, ජූනි මාසයේදී අත්සන් කරන ලද තාවකාලික සාම ගිවිසුම යටතේ ඇමරිකා එක්සත් ජනපදය සිය පොරොන්දු ඉටු කරන තෙක් සමුද්‍ර සන්ධිය පූර්ණ ලෙස විවෘත නොකරන බවත් ජ්‍යෙෂ්ඨ ඉරාන නිලධාරියෙකු ප්‍රකාශ කළ බව Al Jazeeraපුවත් සේවය වාර්තා කරයි.
මෙම නාවික මාර්ග සංශෝධනය යටතේ ඇතුළු වන නෞකා ඉරාන මුහුදු සීමාව හරහාත්, පිටවන නෞකා ඕමාන මුහුදු සීමාවට ආසන්න මාර්ගයෙන් සහ පාරිසරික ආරක්ෂාවට යටත්ව ගමන් කිරීමට යෝජනා වී ඇති නමුත්, ඇමරිකාව විසින් ඉරාන වරායවලට එරෙහිව පනවා ඇති නාවික වටලෑම ඉවත් කරන තෙක් මෙම ජල මාර්ගය පූර්ණ ලෙස නැවත විවෘත කිරීමට ඉරානය එකඟ වී නොමැත.
ගෝලීය බලශක්ති සැපයුමෙන් පස්ගුණයකින් පංගුවක් ප්‍රවාහනය කෙරෙන මෙම උපායමාර්ගික නාවික මාර්ගයේ ආරක්ෂාව සහ ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා සහාය දැක්වීමට ඕමානය මැදිහත් වී සිටින අතර, ඇමරිකා එක්සත් ජනපදයේ ඉදිරි පියවරයන් මත මෙම නව තාවකාලික ගිවිසුමේ සාර්ථකත්වය රඳා පවතිනු ඇති බව රාජ්‍යතාන්ත්‍රික විශ්ලේෂකයෝ පෙන්වා දෙති.














