යුක්රේනය තුළ නව මැතිවරණයක් පැවැත්වීම සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති යෝජනාව ජනාධිපති වොලොඩිමීර් සෙලෙන්ස්කිගේ ජනාධිපති කාර්ය මණ්ඩලය පූර්ව සූදානමකින් තොරව දැඩි අපහසුතාවට පත්කර ඇති අතර, එය යුක්රේන ජනාධිපතිවරයා හමුවේ පවතින තවත් ප්‍රබල දේශපාලනික අර්බුදයකට මගපාදා ඇති බව The Economist සඟරාව වාර්තා කරයි.
හිටපු ආරක්ෂක අමාත්‍ය මිහයිලෝ ෆෙඩොරොව් (විසින් පද්ධතියේ වෙනසක් සඳහා වහාම මැතිවරණයක් පත්විය යුතු බවට කළ ප්‍රසිද්ධ ප්‍රකාශය මෙන්ම ජනාධිපති කාර්ය මණ්ඩලයට අදාළව මතුව ඇති මහා පරිමාණ දූෂණ චෝදනා සහ හඬපට එළිදරව් වීම් හමුවේ මෙම තත්ත්වය උග්‍ර වී තිබේ.
රුසියාවේ දැවැන්ත ගුවන් ප්‍රහාර හමුවේ පවා අභ්‍යන්තර දේශපාලන ස්ථාපිතය බිඳවැටීමේ අවදානමකට යුක්රේනය මුහුණ දී ඇති අතර, යුධ සමයේදී මැතිවරණයක් පැවැත්වීම රට අභ්‍යන්තරයෙන්ම අස්ථාවර කිරීමට රුසියාවට ලැබෙන ඉඩකඩක් ලෙසද යුක්රේන දේශපාලනික බලධාරීන් අනතුරු අඟවයි.














