ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයට අයත්, මේ වන විට භාවිතයට නොගෙන අතහැර දමා ඇති තෙල් ටැංකි 29ක් දිගු කාලීන බදු පදනම මත විදේශීය හෝ දේශීය ආයෝජකයන් වෙත ලබා දීමට සැලසුම් කර ඇති බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි.
මෙමඟින් ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණයේ ධාරිතාව උපරිම ලෙස ප්‍රයෝජනයට ගැනීමටත්, මෙරට බලශක්ති ආරක්ෂාව තහවුරු කිරීමටත්, ආයෝජන ප්‍රවර්ධනය හරහා රටේ ආර්ථිකයට නව ජවයක් එක් කිරීමටත් අපේක්ෂා කෙරේ. අදාළ ටැංකි සංවර්ධනය කර ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට නියමිතය.














