TikTok සමාජ මාධ්‍ය වේදිකාවේ මව් සමාගම වන ByteDance වෙත බ්‍රසීලයේ දත්ත ආරක්ෂණ නීති උල්ලංඝනය කිරීමේ චෝදනා මත ඇමරිකානු ඩොලර් මිලියන 29ක දැවැන්ත දඩයක් පැනවීමට බ්‍රසීල බලධාරීන් පියවර ගෙන තිබේ.
පාරිභෝගිකයන්ගේ සහ පරිශීලකයන්ගේ පෞද්ගලික දත්ත ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් එරට ක්‍රියාත්මක දැඩි නීති රීතිවලට පටහැනිව කටයුතු කිරීම සහ දත්ත හැසිරවීමේදී සිදුව ඇති අක්‍රමිකතා හේතුවෙන් මෙම නීතිමය පියවර ගෙන ඇති බව වාර්තා වේ.
















