“තමන්ගේම තැනක් ලස්සන ජීවිතයක්” අර්ධ නිවාස ආධාර වැඩසටහන යටතේ අම්පාර දිස්ත්‍රික්කයේ පවුල් 125 ක් වෙනුවෙන් රුපියල් මිලියන 44 ක මුදලක් වෙන් කර තිබේ. ඒ අනුව එක් පවුලක් වෙනුවෙන් රුපියල් තුන් ලක්ෂ පනස්දහසක මුදලක් ලබා දී ඇති බව සඳහන් වේ.
අම්පාර ප්‍රාදේශීය ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති මෙම අවස්ථාවට අම්පාර දිසාපති අනුපම මංගල වික්‍රමාරච්චි, අම්පාර ප්‍රාදේශීය ලේකම් තිළිණ වික්‍රමරත්න, නියෝජ්‍ය අමාත්‍යවරයාගේ පුද්ගලික ලේකම් එල්.ආර්.එස්.බණ්ඩාර, නැගෙනහිර පළාත් ආණ්ඩුකාරවරයාගේ අම්පාර දිස්ත්‍රික් සම්බන්ධීකරණ ලේකම් යසරත්න යන මහත්වරුන් ඇතුළු ප්‍රතිලාභීන් පිරිසක් සහභාගී වී ඇත. එම අවස්ථාවට සම්බන්ධ වූ අමාත්‍යවරයා ප්‍රතිලාභීන් අමතමින් ප්‍රකාශ කළේ පසුගිය කාලවකවානුවලදී දේශපාලඥයින් සහ සමහර නිලධාරීන් පොහොසත් වී ජනතාව දුප්පත් වූ බවත්, අද වන විට එම තත්ත්වය වෙනස් කරමින් ජනාධිපතිවරයාගේ සිට සියලු දේශපාලඥයින්ගේ බොහෝ වරප්‍රසාද කප්පාදු කරමින් ජනතාව වෙනුවෙන් කැපවුණු ආණ්ඩුවක් සාදා තිබෙන බවත්ය.














