පරිසර නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී නීතිවිරෝධී වැලි ජාවාරම්, වන සංහාරයන්, අනවසර ඉඩම් අත්පත් කරගැනීම් මෙන්ම නාගරික ප්‍රදේශවල තිත් මුවන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම වැනි කඩිනම් අවධානය යොමුවිය යුතු ගැටළු රැසක් පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරන ලදී. දිස්ත්‍රික්කයේ ස්වභාවික සම්පත් සහ සංවේදී පාරිසරික කලාප ආරක්ෂා කරගනිමින් තිරසර සංවර්ධන වැඩපිළිවෙළක් ඉදිරියට ගෙනය යාම සඳහා අන්තර් ආයතනික සම්බන්ධීකරණය දැඩි කිරීමට මෙහිදී තීරණය විය.
මෙම පාරිසරික අපරාධ කඩිනමින් මර්දනය කිරීම වෙනුවෙන් ඩ්‍රෝන තාක්ෂණය ඔස්සේ අඛණ්ඩ ගුවන් නිරීක්ෂණ කටයුතු දියත් කිරීමටත්, ශ්‍රී ලංකා පොලීසිය, නාවික හමුදාව සහ ගුවන් හමුදාව ඒකාබද්ධ කර විශේෂ වැටලීම් මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමටත් නියමිතය. මෙම දැඩි නීතිමය හා ආයතනික පියවර හරහා ත්‍රිකුණාමලයේ පාරිසරික සුරක්ෂිතතාව තහවුරු වනු ඇති අතරම, ඉදිරියේදී මෙවැනි නීතිවිරෝධී ක්‍රියාකාරකම්වලට එරෙහිව දැඩි ක්‍රියාමාර්ග ගැනෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.















