ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සාමාජීයවිද්‍යා පීඨය මගින් සංවිධානය කරනු ලබන විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙල – 2026 සඳහා වන තරග අංශ යටතේ, ‘වසරේ විශිෂ්ටතම පද්‍ය සංග්‍රහය’ වෙනුවෙන් අවසන් වටයට නිර්දේශ වූ කෘති නාමලේඛනය නිල වශයෙන් ප්‍රකාශයට පත් කර ඇත.
මෙරට උසස් අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ සාහිත්‍ය නිර්මාණ ඇගයීම උදෙසා පැවැත්වෙන ප්‍රමුඛතම සම්මාන උළෙලක් වන මෙම විද්‍යෝදය සාහිත්‍ය සම්මාන උළෙලේදී, පද්‍ය අංශය යටතේ ඉදිරිපත් වූ කාව්‍ය සංග්‍රහයන් අතුරින් විශිෂ්ටතම නිර්මාණය තේරීම සඳහා ප්‍රවීණ විනිශ්චය මණ්ඩලයක් විසින් කටයුතු කරනු ලබයි.
අදාළ අවසන් වටයේ සම්මාන ප්‍රදානෝත්සවය ඉදිරියේදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලීය පරිශ්‍රයේදී අභිමානවත්ව පැවැත්වීමට නියමිත අතර, එහිදී විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය ඇතුළු අනෙකුත් සාහිත්‍ය ක්ෂේත්‍රයන්හි ජයග්‍රාහකයින්ට සම්මාන හා ඇගයීම් හිමිවීමට නියමිතය.














