ජාතික ජන බලවේගය බලයට පැමිණීමට පෙර ඉදිරිපත් කළ ‘පෝසත් රටක් ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ අලුත් ව්‍යවස්ථාවක් සහ ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ගැන මිස විනිසුරුවන්ගේ වයස වැඩි කිරීම ගැන සඳහන් නොවූ බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමාන් මහතා සඳහන් කරයි.
ආණ්ඩුවෙන් යම් යම් වරප්‍රසාද ලබාගැනීමට පැමිණි පිරිස් ජනවරමේ නීතිඥයන් ලෙස පෙනී සිටියද, විනිසුරුවන්ගේ විශ්‍රාම යන වයස දීර්ඝ කිරීම අධිකරණයේ ස්වාධීනත්වයට හානි පමුණුවන බව මාලිමාවේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන් පවා හොඳින් දන්නා බව ඔහු පෙන්වා දෙයි.
ජනාධිපතිවරයා දිනවීම වෙනුවෙන් කැපවූ ජ්‍යෙෂ්ඨ සහ ජනාධිපති නීතිඥවරුන් අද වන විට මාධ්‍ය සාකච්ඡාවලටවත් නොපැමිණෙන්නේ ආණ්ඩුවේ මෙම තීරණයට ඔවුන්ගේ එකඟතාවයක් නොමැති නිසා බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් අවධාරණය කළේය.














