ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ හිටපු උපකුලපති විශ්‍රාමික මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් මහතාගේ නායකත්වය සහ ජාතික මෙහෙවර අගය කරමින් රචිත චරිතාපදාන ග්‍රන්ථය ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේදී එළිදක්වා තිබේ.
කිත්සිරි අමරතුංග මහතා විසින් රචිත මෙම ග්‍රන්ථය තුළින් මිලින්ද පීරිස් මහතාගේ හමුදා දිවිය, නායකත්ව දර්ශනය, ආයතනික දායකත්වය සහ ජාතික සංවර්ධනය වෙනුවෙන් දැක්වූ කැපවීම මනාව ඉස්මතු කෙරේ. මෙම ග්රන්ථ එළිදැක්වීමේ උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස ජෙනරාල් ජෙරී ද සිල්වා මහතා එක්වූ අතර, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ කුලපති ශාන්ත කෝට්ටේගොඩ මහතා සහ ත්‍රිවිධ හමුදාපතිවරුන් ඇතුළු විද්වතුන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.














