එළඹෙන දීර්ඝ නිවාඩුව හේතුවෙන් කොළඹින් බැහැරව දකුණු පළාත බලා ගමන් ගන්නා පිරිස සැලකිය යුතු ලෙස ඉහළ යාම නිසා අද (26) උදෑසන සිට දක්ශිණ අධිවේගී මාර්ගයේ දැඩි රථවාහන තදබදයක් වාර්තා විය.
දකුණ බලා ධාවනය වන වාහනවල දිගු පෝලිම් දක්නට ලැබුණු අතර, එම දැඩි තදබදය සහිත අවස්ථාවන්හි ගුවනින් ලබාගත් ඩ්‍රෝන (Drone) දර්ශන මේ වන විට මාධ්‍ය වෙත නිකුත් කර ඇත. මාර්ග සංවර්ධන අධිකාරිය (RDA) සහ පොලිසිය රථවාහන ගමනාගමනය පහසු කිරීම සඳහා පියවර ගෙන ඇති අතර, අධිවේගී මාර්ග භාවිත කරන රියදුරන්ට දැඩි අවධානයෙන් සහ ඉවසීමෙන් යුතුව රිය ධාවනය කරන ලෙස දැනුම් දෙයි.














