පසුගිය දිනවල අන්තර්ජාලයට කාන්දු වූ Grand Theft Auto VI (GTA VI) ක්රීඩාවේ දර්ශන සම්බන්ධයෙන් Rockstar Games සමාගම විසින් සිය නිල නිවේදනය නිකුත් කර තිබේ. කණ්ඩායමක් ලෙස මෙම සිදුවීම අතිශයින්ම කණගාටුදායක බවත්, රසිකයින් අපේක්ෂිත අයුරින් ක්රීඩාව ප්රථම වරට එළිදැක්වීමට නොහැකි වීම ගැන තමන් දැඩි ලෙස කනගාටු වන බවත් එම නිවේදනයේ සඳහන් වේ.
ක්රීඩාව නිම කිරීමට බලාපොරොත්තු වූවාට වඩා වැඩි කාලයක් ගත වී ඇති බව පිළිගන්නා සමාගම, රසිකයින්ගේ අපේක්ෂාවන් සම්පූර්ණ කරන මට්ටමින් ක්රීඩාව ඉදිරිපත් කිරීමට දැඩි කැපවීමකින් කටයුතු කරන බව දන්වා සිටියි. යම් යම් තොරතුරු කලින් අනාවරණය වීම (spoilers) හේතුවෙන් ක්රීඩා අත්දැකීමට බලපෑමක් සිදුවිය හැකි නමුත්, එළඹෙන නොවැම්බර් 19 වන දින ක්රීඩාව තමන් විසින්ම අත්විඳින ලෙස ඔවුන් රසිකයින්ගෙන් ඉල්ලා සිටී. පසුගිය දිනවල රසිකයින්ගෙන් ලැබුණු සහයෝගය අතිශයින් අගය කරන බව සඳහන් කරමින් Rockstar සමාගම සිය ස්තූතිය පුදා ඇති අතර, හෙට දිනයේදී ක්රීඩාව පිළිබඳ විස්තීර්ණ දර්ශන මාලාවක් (extended look) එළිදැක්වීමට නියමිත බව ද වැඩිදුරටත් නිවේදනය කර තිබේ.














