ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහුගේ ප්‍රධාන දේශපාලන ප්‍රතිවාදියෙකු මෙන්ම හිටපු ඊශ්‍රායල ආරක්ෂක බලකා (IDF) ප්‍රධානී ගාඩි අයිසන්කොට් (Gadi Eisenkot) විසින් ඊශ්‍රායලයේ වත්මන් රාජ්‍ය තාන්ත්‍රික පරාජය පිළිබඳව තීරණාත්මක ප්‍රකාශයක් සිදු කර තිබේ.
හමුදාව යුද බිමේදී ජයග්‍රහණ අත්කර ගත්තද, ජාත්‍යන්තර රාජ්‍ය තාන්ත්‍රික සහ මතවාදී සටනෙන් ඊශ්‍රායලය මුළුමනින්ම පරාජයට පත්ව ඇති බව හෙතෙම පිළිගනියි. මෙම යුද්ධය “අතිශය සාධාරණ යුද්ධයක්” ලෙස ඔහු තවදුරටත් අර්ථකථනය කිරීමට උත්සාහ කළද, සමස්ත ලෝකයම ඊශ්‍රායලයේ ක්‍රියාකලාපයට එරෙහිව පෙළගැසෙමින් සිටින බවත්, ඊශ්‍රායලය මේ වන විට ගෝලීය වශයෙන් දැවැන්ත රාජ්‍ය තාන්ත්‍රික පීඩනයකට සහ හුදකලා වීමකට ලක්ව ඇති බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්














