ප්රථම ධර්ම සංඝායනාව පැවැත්වීම ඇතුළු ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සනිටුහන් වූ නිකිණි පුර පසළොස්වක පොහොය අදට (27) යෙදී තිබේ. මේ වෙනුවෙන් දිවයින පුරා වෙහෙර විහාරස්ථානවලදී ආමිස හා ප්රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් විවිධ පිංකම් සහ වැඩසටහන් සංවිධාන කර ඇත.
සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසු බුදුදහම සම්බන්ධයෙන් එල්ල වූ විනය විරෝධී ආකල්ප නැතිකරමින් ශාසන චිරස්ථිතිය සඳහා ප්රථම ධර්ම සංගායනාව අද වැනි නිකිණි පුර පසළොස්වක පොහෝ දිනක පැවැත්වුණි. මීට අමතරව, විනයකර්ම සිදුකර වස් එළඹීමට නොහැකි වූ භික්ෂූන්ට පසුවස් එළඹීම සඳහා බුදුන් වහන්සේ අනුදැන වදාළේ ද අද වැනිම වූ නිකිණි පුර පසළොස්වක පොහෝ දිනක වීම විශේෂත්වයකි.
ප්රථම ධර්ම සංගායනාවට පෙර ධර්ම භාණ්ඩාගාරික ආනන්ද තෙරුන් වහන්සේ රහත් භාවයට පත්වීම සහ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය ලබා පළමුව උරුවෙල් දනව්වේ සේනානිගමට වැඩම කරවීම ද අද වැනි නිකිණි පුන් පොහෝ දිනක සිදු වූ බව ශාසන ඉතිහාසයේ සඳහන් වේ.














