දිට්වා සුළි කුණාටුව සහ ගංවතුර තත්ත්වය හේතුවෙන් සම්පූර්ණයෙන්ම හානියට පත් වූ ගම්පහ අසනේ පහලගම කොට්ඨාසයේ මැදගම 02 ග්රාමසේවා වසමේ පිහිටි නිවසක් වෙනුවෙන් නව නිවසක් ඉදිකිරීම සඳහා මුල්ගල තැබීම ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ලසිත් භාෂණ මහතාගේ ප්රධානත්වයෙන් පසුගියදා සිදු කර තිබේ.
ස්වභාවික ආපදා තත්ත්වයන් හේතුවෙන් නිවාස අහිමි වූ පවුල් වෙත යළි පදිංචි වීමේ පහසුකම් සැලසීමේ වැඩපිළිවෙළ යටතේ මෙම නව නිවස ඉදිකිරීම ආරම්භ කර ඇති අතර, අදාළ ප්රදේශයේ ප්රාදේශීය දේශපාලන හා රාජ්ය නිලධාරීන් මෙන්ම ප්රදේශවාසීන් ද මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.
















