කඳාන සිට කොළඹ දෙසට මෝටර් රථයකින් නීති විරෝධී මත්පැන් බෝතල් 600ක තොගයක් ප්‍රවාහනය කරමින් සිටියදී මහබාගේ පොලිස් වසමට අයත් කෙරඟපොකුණ ජූඩ් මාවතේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදු කර ඇත.
අත්අඩංගුවට ගත් මත්පැන් බෝතල් හයසීයේ මුළු පරිමාව මිලිලීටර් 450,000ක් පමණ වන බව පොලිසිය පවසයි. රාගම ප්‍රදේශයේ පදිංචි 33 හැවිරිදි මෙම සැකකරු දිගු කලක සිට මෙම නීති විරෝධී ජාවාරමේ නිරත වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර, සැකකරු වත්තල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මහබාගේ පොලිස් ස්ථානාධිපති, ප්‍රධාන පොලිස් පරීක්ෂක අමිල බණ්ඩාර මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් මෙම වැටලීම සඳහා එක්ව ඇත.
















