රට තුළ පවතින විදේශ විනිමය සංචිතවල ස්ථාවරත්වය සහ ආර්ථික තත්ත්වය මත පදනම්ව පමණක් මෝටර් රථ ආනයන සඳහා පනවා ඇති රේගු අධිභාරය ඉවත් කිරීම හෝ අඛණ්ඩව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අවසන් තීරණයකට එළඹෙන බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ප්‍රකාශ කරයි. සීමා කිරීම් ලිහිල් කරමින් වාහන ආනයනය යළි ආරම්භ කිරීමත් සමඟ අපේක්ෂිත සීමාවන් ඉක්මවා විදේශ විනිමය රටින් බැහැර වීම සහ ඉන්ධන පරිභෝජනය ඉහළ යාම හේතුවෙන් මෙම තාවකාලික නියාමන පියවර හඳුන්වා දීමට රජයට සිදුවිය.
මුලින් අපේක්ෂිත මට්ටම ඉක්මවා ගිය ආනයන වියදම් පාලනය කරමින් ජාතික ආර්ථිකය ආරක්ෂා කර ගැනීම වත්මන් රජයේ ප්‍රමුඛතාව වී ඇති බැවින්, හදිසි ලිහිල් කිරීම් හරහා විදේශ විනිමය අර්බුදයකට යළි මුහුණ දීමේ අවදානමක් ගැනීමට පරිපාලනය සූදානම් නැත. කෙසේ වෙතත්, බදු පදනම පුළුල් වීමත් සමඟ අනාගතයේදී ජනතාව මත පවතින බදු බර ක්‍රමයෙන් අවම කරමින් වාහන මිලදී ගැනීමේ හැකියාව සාධාරණ මට්ටමකට ගෙන ඒම රජයේ දිගුකාලීන අපේක්ෂාව වී තිබේ.
ආර්ථිකය ස්ථාවර මාවතකට පිවිසෙනු ලබන අයුරු සහ විදේශ විනිමය සංචිත අපේක්ෂිත මට්ටමක රඳවා ගැනීමට හැකි වුවහොත් පමණක් ඉදිරි කාලය තුළ බදු ක්‍රමවේදයන් සහ බලපත්‍ර ප්‍රතිපත්ති සංශෝධනය කිරීම කෙරෙහි රජයේ අවධානය යොමුවනු ඇත. එබැවින් වසරේ අවසාන කාර්තුව තුළ රටේ සමස්ත ආර්ථික දර්ශක සහ විදේශ විනිමය සංචිතවල වර්ධනයන් මත මෙම තීන්දුව සම්පූර්ණයෙන්ම රඳා පවතිනු ඇතැයි අපේක්ෂා කෙේ.














