ඉතිහාසයේ සුවිශේෂී පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ಐතිහාසික යාපහුව රාජධානිය මධ්‍ය කරගනිමින්, වසර 7කට පමණ දිගු කාලයකට පසු “යාපහුව ශ්‍රී දළදා මහ පෙරහැර මංගල්‍යය” ඉතා උත්කර්ෂවත් අයුරින් නැවත ආරම්භ කර තිබේ.
යාපහුව රජමහා විහාරස්ථ විහාරාධිපති ස්වාමීන්වහන්සේ ප්රමුඛ දායක සභාවේ සහ ප්‍රදේශවාසීන්ගේ සංවිධායකත්වයෙන් ක්‍රියාත්මක වන මෙම ඓතිහාසික සංස්කෘතික මංගල්‍යය නැරඹීම සඳහා දිවයිනේ නනාවිධ ප්‍රදේශවලින් ලක්ෂ සංඛ්‍යාත බැතිමතුන් සහ සංචාරකයන් පිරිසක් යාපහුව රාජධානි පරිශ්‍රය වෙත පැමිණෙමින් සිටිති.
පැරණි රාජධානි සමයේ උත්කෘත්තිය යළි සිහිපත් කරවන අයුරින් විචිත්‍රවත් අංගරචනා, සංස්කෘතික නැටුම් සහ කලා අංගයන්ගෙන් සමන්විත මෙම පෙරහැර මංගල්‍යය දේශීය සංස්කෘතියේ සහ උරුමයේ විශිෂ්ට සංකේතයක් ලෙස සැමගේ පැසසුමට ලක්ව ඇත.














