අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් 2026.08.24 දින රාත්‍රියේ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් සිද්ධියක් සම්බන්ධයෙන් ගාල්ල දිස්ත්‍රික් (II) පොලිස් අධිකාරීවරයා යටතේ ආරම්භ කරන ලද විමර්ශනයක් තවදුරටත් ක්‍රියාත්මක වෙමින් පවතී.
එම විමර්ශනවලට අනුව, අදාළ සැකකරු අත්අඩංගුවට ගත් නිලධාරීන් කණ්ඩායම භාරව සිටි උප පොලිස් පරීක්ෂකවරයා 2026.08.25 වන දින වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර ඇත. තවදුරටත්, අම්බලන්ගොඩ පොලිස් ස්ථානයේ පොලිස් සැරයන්වරයෙකු සහ පොලිස් කොස්තාපල්වරයෙකු ද 2026.08.26 දින වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කිරීමට ගාල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා විසින් නියෝග කරනු ලැබ තිබේ.














