නේපාලයේ රසුවා ප්‍රදේශයේ ඇති වූ හදිසි ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් අතුරුදන් වූ විදේශිකයින් අතර කිසිදු ශ්‍රී ලාංකිකයෙකු නොමැති බව නේපාල සංචාරක මණ්ඩලය නිල වශයෙන් තහවුරු කර තිබේ.
ඔවුන් නිකුත් කළ නවතම වාර්තාවට අනුව, මෙම ආපදාව හේතුවෙන් අතුරුදන් වී ඇති සමස්ත පුද්ගලයින් ප්‍රමාණය 644ක් වන අතර, එයින් නේපාල ජාතිකයින් 127ක් සහ රටවල් 32කට අයත් විදෙස් ජාතිකයින් 517ක් වන බව සඳහන් වේ. අතුරුදන් වූ විදෙස් ජාතිකයින් අතරින් වැඩිම පිරිසක් ඉන්දියානු ජාතිකයින් (178ක්) වන අතර, අමෙරිකානු (65ක්), යුක්‍රේන (53ක්), මැලේසියානු (51ක්) සහ ඕස්ට්‍රේලියානු (35ක්) ජාතිකයින් ද එම ලැයිස්තුවේ වෙති.
මේ අතර, අතුරුදන් වූ සියලු දෙනා සෙවීමේ මෙහෙයුම් සහ සහන සැලසීමේ කටයුතු ආරක්ෂක අංශ සහ සහන කණ්ඩායම් එක්ව මේ වන විටත් සක්‍රියව සිදු කරමින් පවතින බව නේපාල සංචාරක මණ්ඩලය වැඩිදුරටත් දන්වා සිටියි.














