නේපාල-ටිබෙට් දේශසීමාවේ හටගත් විනාශකාරී ජලගැලීම් සහ ආපදා තත්ත්වයන් හේතුවෙන් නේපාලයේ මරණ සංඛ්‍යාව 332ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
ඊයේ (26) උදෑසන ඇති වූ මෙම හදිසි ගංවතුර තත්ත්වයත් සමඟ පුද්ගලයින් 800කට වැඩි පිරිසක් තවදුරටත් අතුරුදන්ව සිටින අතර, අතුරුදන් වූවන් අතර චීන ජාතිකයන් 100ක් පමණ වන බව චීන විදේශ අමාත්‍යාංශය තහවුරු කර ඇත. මීට අමතරව, ටිබෙට් ප්‍රදේශයෙන්ද පුද්ගලයින් 558 දෙනෙකු අතුරුදහන්ව ඇති අතර, සිරුරු 3ක් මේ වන විට සොයාගෙන තිබේ.
අයහපත් කාලගුණික තත්ත්වය සහ දුෂ්කර භූගෝලීය පිහිටීම නිසා ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා බාධා එල්ල වී ඇත.
















