මාතර දුම්රිය ස්ථානය අසල පිහිටි රූපලාවන්‍යාගාරයක් තුළ පවත්වාගෙන ගිය මත්ද්‍රව්‍ය ජාවාරමක් වටලා රුපියල් කෝටි 7කට අධික වටිනාකමකින් යුතු හෙරෝයින් සහ ‘අයිස්’ (Crystal Meth) මත්ද්‍රව්‍ය තොගයක් සමඟ වෙලේගොඩ ප්‍රදේශයේ පදිංචි අඹුසැමි යුවළක් අද (27) පස්වරුවේ අත්අඩංගුවට ගෙන තිබේ.
මාතර සහකාර පොලිස් අධිකාරීවරයාට ලැබුණු බුද්ධි තොරතුරකට අනුව මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සහ දූෂණ මර්දන ඒකකය එක්ව මෙම වැටලීම සිදුකර ඇත. මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත ජයමිණි කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ සිදුකළ මෙම සාර්ථක වැටලීමෙන් පසු, අත්අඩංගුවට ගත් අඹුසැමි යුවළ සම්බන්ධයෙන් මාතර පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.














