ඓතිහාසික ශ්‍රී දළදා මාළිගාවේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයට සහභාගී වීම සඳහා මහනුවරට පැමිණි ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (27) පස්වරුවේ ශ්‍රී දළදා මාළිගාව වෙත ගොස් උතුම් වූ දළදා සමිඳුන් වැඳපුදා ගනිමින් ආශීර්වාද ලබාගෙන තිබේ.
දළදා සමිඳුන් වැඳපුදා ගැනීමෙන් අනතුරුව පෙරහැර නැරඹීම සඳහා පැමිණ සිටි මහජනතාව අතරට ගිය ජනාධිපතිවරයා ඔවුන් සමඟ සුහදව කතාබහ කරමින් තොරතුරු විමසා සිටියේය. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළ පරිදි මෙම අවස්ථාව සඳහා මධ්‍යම පළාත් ආණ්ඩුකාර විශේෂඥ වෛද්‍ය හර්ෂ සුරංග මහතා ඇතුළු පිරිසක් ද එක්ව සිටියහ.













