ආසියා-පැසිෆික් කලාපයේ පොදු පාරිසරික ප්‍රමුඛතා ඉදිරියට ගෙනයාම සහ දෙරට අතර සබඳතා ශක්තිමත් කිරීමේ අරමුණින් ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි මහතා සහ මොංගෝලියාවේ පරිසර හා දේශගුණික විපර්යාස පිළිබඳ අමාත්‍ය සැන්ඩාග්-ඔචිර් සෙන්ඩ් (Sandag-Ochir Tsend) මහතා අතර විශේෂ සාකච්ඡාවක් UNCCD COP17 සමුළුවට සමගාමීව පැවැත්විණි.
මොංගෝලියා රජය දක්වන නායකත්වය අගය කරමින් ඊට ශ්‍රී ලංකාවේ පූර්ණ සහයෝගය පළ කළ පරිසර අමාත්‍යවරයා, භූමි ප්‍රතිස්ථාපනය, තිරසර ජල කළමනාකරණය, 2030 LDN ඉලක්ක, වනජීවී සංරක්ෂණය සහ දේශගුණික මූල්‍ය යනාදී ක්ෂේත්‍ර රැසක සහයෝගීතාව පිළිබඳව මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කළේය.













