බටහිර තීරයේ ඊශ්‍රායල පදංචිකිරීම් ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යය දැක්වූ දැඩි විවේචනවලට ප්‍රතිචාරයක් ලෙස, ගාසා තීරයේ පශ්චාත් යුද කටයුතු සම්බන්ධීකරණය කරන ජාත්‍යන්තර මධ්‍යස්ථානයෙන් බ්‍රිතාන්‍ය නිලධාරීන් ඉවත් කිරීමට ඊශ්‍රායලය සලකා බලමින් සිටින බව වාර්තා වේ.
දකුණු ඊශ්‍රායලයේ කිරියත් ගැට් (Kiryat Gat) හි පිහිටි අමෙරිකානු මෙහෙයවීමෙන් ක්‍රියාත්මක වන මෙම මධ්‍යස්ථානයෙන් ඉවත් වන ලෙස නෙදර්ලන්තයට සහ ස්පාඤ්ඤයට ද දැනටමත් දැනුම් දී තිබේ. ජර්මනියට සහ ඉතාලියට එරෙහිව ද මෙවැනි පියවරක් ගැනීමට යන බවට ෆිනෑන්ෂල් ටයිම්ස් (Financial Times) පුවත්පත වාර්තා කළ ද ඊශ්‍රායල බලධාරීන් එය පසුව ප්‍රතික්ෂේප කළේය. සෙබළ විවේක/සටන් නැවැත්වීමේ ගිවිසුම, මානුෂීය ආධාර සහ ට්‍රම්ප්ගේ කරුණු 20ක ගාසා පුනරුත්ථාපන සැලැස්ම මෙහෙයවන මෙම මධ්‍යස්ථානය තුළ අමෙරිකාවට පසුව දෙවැනියට විශාලතම නිලධාරීන් කණ්ඩායම නියෝජනය කරන්නේ බ්‍රිතාන්‍යයයි.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(x) ඇසුරින්
















