ඉන්දුනීසියාව සහ පිලිපීනය ඉලක්ක කරගනිමින් පැවැති ජාත්‍යන්තර වෙඩි තැබීමේ ශූරතාවලි දෙකකදී පදක්කම් 10ක් දිනා ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත්ව තිබේ.
ඉන්දුනීසියාවේ පැවැති ‘බාලි විවෘත ජාත්‍යන්තර ප්‍රායෝගික පිස්තෝල කැලිබර් වෙඩි තැබීමේ ශූරතාවලිය’ සහ පිලිපීනයේ පැවැති ‘කඩයාවන් උත්සව වෙඩි තැබීමේ ශූරතාවලිය’ නියෝජනය කළ ශ්‍රී ලාංකික වෙඩික්කරුවන් විසින් රන් පදක්කම් 3ක්, රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කම් 3ක් දිනා ගැනීමට සමත් විය. මෙම ජයග්‍රාහී පදක්කම්ලාභීන් අතර පාසල් සිසුන් තිදෙනෙකු ද නියෝජනය වීම කැපී පෙනෙන විශේෂත්වයකි.
















