“එල්නිනෝ” (El Niño) කාලගුණික සංසිද්ධිය හේතුවෙන් ඇතිව තිබෙන දැඩි නියඟය නිසා දිවයිනේ දිස්ත්‍රික්ක 7ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 25කට අයත් පවුල් 26,457ක පුද්ගලයන් 84,545 දෙනකු පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.
පානීය ජල ගැටලු හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 22ක පවුල් 24,144කට අයත් පුද්ගලයන් 75,734 දෙනකුට පෙරේදා (26) දින පානීය ජලය බෙදා දී තිබේ.
නියඟයේ බලපෑම් සහ ප්‍රදේශවල තත්ත්වය ලෙස, පවතින අධික වියළි කාලගුණය නිසා කිරිඳි ඔයේ ජලය සම්පූර්ණයෙන්ම සිඳී යෑමේ අවදානමක් පවතින බවත්, දොරමඬලාව ප්‍රදේශයේ වැටකොළු වගාවන් පවා අත්හැර දැමීමට සිදුවී ඇති බවත් ගොවීහු පවසති. තිරප්පනේ වාන් ඇළ සහ හබරණ ඉලුක්වැව ඇතුළු ප්‍රදේශ රැසක වැව් සහ ජල උල්පත් සිඳී ගොස් ඇත. තිරප්පනේ සහ මිහින්තලේ වැනි ප්‍රදේශවල වැව් සිඳී යෑමෙන් අසරණ වූ මත්ස්‍යයන් බේරා ගැනීමට ප්‍රදේශයේ තරුණ හා ළමා ප්‍රජාව කටයුතු කර තිබේ.
මහවැලි අධිකාරියට අනුව, ජලාශ රැසක ජල මට්ටම සියයට 30කටත් වඩා පහළ බැස ඇත. ඒ අනුව බෝවතැන්න (21%), මාදුරුඔය (26%), කලාවැව (29%), හුරුළුවැව (27%) සහ දියවාන වැව (15%) ලෙස ජල මට්ටම් වාර්තා වේ.
එල්නිනෝ බලපෑම නිසා මෙලෙස දිස්ත්‍රික්ක 7ක වියළි කාලගුණයක් පවතින නමුත්, දිවයිනේ ඇතැම් ප්‍රදේශවලට තවදුරටත් වැසි පතිත වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
















