රට තුළ සිදුවන දේශපාලන හා ව්‍යවස්ථාමය වෙනස්කම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමාජ ක්‍රියාකාරී ලහිරු විරේසේකර මහතා මේ බව ප්‍රකාශ කර තිබේ.
යෝජිත 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය හෝ ඒ හා සමාන බලවේගයන් පිටුපස කිසියම් තනි පුද්ගලයකු අදාළ ධුරයේ අඛණ්ඩව රඳවා තබා ගැනීමේ පටු අරමුණක් පමණක් ක්‍රියාත්මක වන බව ඔහු පෙන්වා දෙයි. ප්රජාතන්ත්රවාදී මූලධර්ම සහ ජනතා අභිමතාර්ථ පාගා දමමින් ගෙන යන මෙවැනි අත්තනෝමතික තීරණ රටේ අනාගතයට සහ යහපාලනයට දැඩි බලපෑමක් වන බව විරේසේකර මහතා වැඩිදුරටත් අවධාරණය කරයි.
















