උතුරු කොරියාවෙන් එල්ල වන න්‍යෂ්ටික සහ බැලස්ටික් මිසයිල තර්ජනවලට මුහුණදීමේ අරමුණින් දකුණු කොරියාව, ජපානය සහ ඇමෙරිකා එක්සත් ජනපදය එක්ව විශේෂ ත්‍රෛපාර්ශ්වික හමුදා අභ්‍යාසයක් ආරම්භ කිරීමට තීරණය කර ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.
මෙම හමුදා අභ්‍යාසයේදී උතුරු කොරියානු මිසයිල ප්‍රහාර හඳුනාගැනීම, ඒවා අහසේදීම විනාශ කිරීම සහ න්‍යෂ්ටික තර්ජනයන්ට ක්ෂණිකව ප්‍රතිචාර දැක්වීම පිළිබඳව විශේෂ අවධානයක් යොමු කෙරේ. කලාපීය ආරක්ෂාව සහ ස්ථාවරත්වය තහවුරු කිරීම සඳහා මෙම පාර්ශ්ව තුන අතර පවතින ආරක්ෂක සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීමට මෙම පියවර ගෙන ඇත.
කෙසේ වෙතත්, මෙම එක්සත් හමුදා අභ්‍යාසය තමන් ආක්‍රමණය කිරීමට ගන්නා උත්සාහයක් ලෙස හඳුන්වමින් උතුරු කොරියාව මීට දැඩි විරෝධය පළ කර තිබේ.
















