වව්නියාව පූන්තෝට්ටම් ප්‍රදේශයේ වැවක ප්‍රතිසංස්කරණ කටයුතු සඳහා යොදවා තිබූ ස්කැවේටර් (Excavator) යන්ත්‍රයක්, වැඩ අවසන් වී යළි ලොරි රථයකට පටවමින් තිබූ අවස්ථාවේදී හදිසියේ පෙරළී යාමෙන් අනතුරක් සිදුව තිබේ.
පසුගිය අගෝස්තු 27 වන දින උදෑසන මෙම අනතුර සිදුව ඇති අතර, සිද්ධියෙන් යන්ත්‍රයට මෙන්ම ලොරි රථයටද යම් අයුරකින් හානි සිදුව ඇත. කෙසේ වෙතත්, මෙම අනතුරින් කිසිදු ජීවිත හානියක් සිදුව ඇති බවක් වාර්තා වී නොමැත.
















