2026 වසරේ මේ දක්වා කාලය තුළ මෙරටින් වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 95,035 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිවේදනය කරයි. අගෝස්තු මාසයේදී පමණක් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 9,699කි. මේ වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු ආසාදිත මරණ 72ක් ද වාර්තා වී තිබේ.
මෙම කාලය තුළ වැඩිම රෝගීන් සංඛ්‍යාවක් බස්නාහිර පළාතෙන් (50,287ක්) වාර්තා වන අතර, දිස්ත්‍රික්ක වශයෙන් ගත් කල වැඩිම රෝගීන් ප්‍රමාණයක් වාර්තා වන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙනි (20,248ක්). කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 18,842 දෙනෙකු, මහනුවරින් 6,931ක්, මාතරින් 6,125ක් සහ කළුතරින් 6,122ක් ලෙස වාර්තා වී තිබේ. තවද, දිවයින පුරා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශ 76ක් තවදුරටත් අධි-අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇත.














