වත්මන් රජයේ ක්‍රියාකලාපය සහ එහි හොඳ නරක පිළිබඳව අදහස් දැක්වීමේ ප්‍රධාන වගකීම මෙම රජය බලයට පත්කිරීමට ඡන්දය ලබාදුන් 42%ක ජනතාව සතු බව හිටපු අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා පවසයි.
තමන් ඇතුළු පිරිස ආරම්භයේ සිටම මෙම රජයට විරුද්ධව මත ප්‍රකාශ කළ අය බවත්, ජනතාව තීරණය කර මෙම රජය පත්කළ බැවින් එහි සාර්ථක අසාර්ථකභාවය පිළිබඳව ජනතාවගෙන්ම අදහස් එන තෙක් තමන් බලා සිටින බවත් ඔහු සඳහන් කළේය. ඒ අනුව ආණ්ඩුවේ වර්තමාන තත්ත්වය පිළිබඳව විවේචනය කිරීමේ සහ ප්‍රශ්න කිරීමේ පළමු අයිතිය ඡන්දය දුන් බහුතර ජනතාවටම හිමිවන බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.














