කෘතිම බුද්ධිය සම්බන්ධයෙන් ලෝකය හමුවේ පවතින අභියෝග සහ සංවාදය, න්‍යෂ්ටික බලශක්ති සංවාදයට වඩා “1,000 ගුණයකින් විශාල” බවත්, එහි යහපත් මෙන්ම අයහපත් පාර්ශවයන් එකලෙස පවතින බවත් මයික්‍රොසොෆ්ට් සමාගමේ සම-සාමාජික බිල් ගේට්ස් ප්‍රකාශ කරයි.
මාධ්‍යවේදී ඇන්ඩර්සන් කූපර් සමග පැවැති සාකච්ඡාවකදී සහ ඔහුගේ නවතම ලිපිය මගින් අදහස් දක්වමින් ඔහු පෙන්වා දෙන්නේ, න්‍යෂ්ටික තාක්ෂණය මෙන් කෘතිම බුද්ධියද එකවර සුබසාධනය සඳහා මෙන්ම දැවැන්ත විනාශයක් සඳහාද භාවිත කළ හැකි බවයි.
කෘතිම බුද්ධිය හේතුවෙන් රැකියා මිලියන ගණනක් අහිමි වීම, ජීව විද්‍යාත්මක ආයුධ සහ සයිබර් ප්‍රහාර නිෂ්පාදනය පහසු වීම මෙන්ම මානව සබඳතා බිඳවැටීම වැනි දැවැන්ත අවදානම් පවතින බව පෙන්වා දෙන ඔහු, න්‍යෂ්ටික ආයුධ පාලනයට ජාත්‍යන්තර පරමාණුක බලශක්ති ඒජන්සිය පිහිටුවූවාක් මෙන් AI තාක්ෂණය පාලනය කිරීමටද වහාම ජාත්‍යන්තර නියාමන ආයතනයක් පිහිටුවිය යුතු බව අවධාරණය කරයි.














