පාර්ලිමේන්තුව සැප්තැම්බර් 8 වැනිදා සිට 11 වැනිදා දක්වා රැස්වීමට නියමිත බව පාර්ලිමේන්තු මහලේකම් කාර්යාලය පවසයි. කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැති පාර්ලිමේන්තු කටයුතු කාරක සභාවේදී මෙම සතියට අදාළ පාර්ලිමේන්තු කටයුතු තීරණය කර ඇත.
ඒ අනුව, සැප්තැම්බර් 8 වන අඟහරුවාදා පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා මෝටර් වාහන පනත යටතේ අංක 2489/22 සහ 2493/19 දරන අතිවිශේෂ ගැසට්පත්‍රවල පළ කරන ලද නියෝග දෙකක් අනුමතිය සඳහා විවාදයට ගැනීමට නියමිතය. එසේම, සැප්තැම්බර් 9 වන බදාදා පෙ.ව. 10.00 සිට පෙ.ව. 10.30 දක්වා කාලය අග්‍රාමාත්‍යවරියගෙන් අසනු ලබන ප්‍රශ්න සඳහා වෙන් කර ඇති අතර, පෙ.ව. 11.30 සිට ප.ව. 5.00 දක්වා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී (ඉවත් කිරීමේ) පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය පැවැත්වීමටද නියමිතව ඇත. දිනපතා පස්වරු 5.00 සිට සභාව කල් තබන අවස්ථාවේ යෝජනා හා ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබේ.














