ගෝඨාභය රාජපක්ෂ පාලන සමයේ මිරිහානේදී අත්අඩංගුවට පත් ජනතාව වෙනුවෙන් ඉදිරිපත් වී ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් පෙනී සිටි ශ්‍රී ලංකා නීතිඥ සංගමය, අද මේ ආණ්ඩුව බලයට ගෙන ඒමට උපකාර කිරීම ගැන පසුතැවෙන තරමට තත්ත්වය වෙනස් වී ඇති බව සමගි ජන බලවේගයේ මහනගර සංවිධායක, ප්‍රවීණ දේශපාලන විද්‍යා දේශක හේමප්‍රිය කවිරත්න මහතා පවසයි.
එදා ජනතාව වෙනුවෙන් පෙනී සිටි ඒ නීතිඥ සංගමයත් අද ආණ්ඩුවට “හොරු, වංචාකාරයන් සහ කළු කෝට්කාරයන්” වී ඇති බව පෙන්වා දෙන ඔහු, වත්මන් පාලනය එක පැත්තකින් පූජනීය කහ සිවුරත්, අනිත් පැත්තෙන් නීතිඥයන්ගේ කළු කෝට් එකත් දූෂිතයන්ගේ ගොඩට දමමින් විවේචන මර්දනය කිරීමට උත්සාහ කරන බවට දැඩි ලෙස චෝදනා කළේය.














