කොළඹ නීතිඥ සංගමය ඉදිරිපිට පැවැත්වූ සාමකාමී උද්ඝෝෂණයට එරෙහිව එක්සත් ජාතික පක්ෂය සහ සමගි ජන බලවේගය ඇතුළු පිරිස් දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කරමින් සිටින බව ‘ඒකාබද්ධ විපක්ෂයේ’ ක්‍රියාකාරී නිරුක්ෂ කුමාර මහතා පවසයි.
නීතිඥ සංගමයේ සභාපතිට ඉල්ලා අස්වෙන්න කියද්දී UNP ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්, මාධ්‍ය ප්‍රධානීන් මෙන්ම SJBයේ ජී. එල්. පීරිස් ඇතුළු හිටපු මන්ත්‍රීවරුන් එකතුවී ඒකාබද්ධ විපක්ෂය ඉලක්ක කර ගනිමින් මෙලෙස කලබල වී ඇත්තේ මන්දැයි ඔහු වැඩිදුරටත් ප්‍රශ්න කර සිටියේය.














