හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ පවුලට අයත් “වර්න ලිමිටඩ්” ආයතනය හරහා සිදුවූ බව කියන මහා පරිමාණ මූල්‍ය අක්‍රමිකතාවක් පිළිබඳ ඉදිරි සතියේදී කෝප් (COPE) කමිටුවට පැමිණිලි කරන බව සංජය මහවත්ත මහතා පවසයි.
අදාළ සමාගම මහා පරිමාණ ලෙස ණය ලබාගෙන, පසුව බංකොලොත් බවට පත් වූ දයා ගමගේ මහතාගේ ‘දයා ගෲප්’ ආයතනය වෙත එහි කොටස් (Shares) මාරු කරමින් සැකකටයුතු ගනුදෙනුවක් සිදුකර ඇති බවට ඔහු චෝදනා කරයි.
එපමණක් නොව, මෙරට පවතින්නේ මත්පැන් නිෂ්පාදන බලපත්‍ර 13ක් වැනි ඉතා සීමිත සංඛ්‍යාවක් වන පසුබිමක, රනිල් වික්‍රමසිංහ මහතාගේ සොහොයුරාගේ පුත්‍රයා විසින් සිය හිතවත් යහළුවන් දෙදෙනෙකුගේ නමින් ලබාගත් මත්පැන් නිෂ්පාදන බලපත්‍රයක් අලෙවි කරමින් කෝටි ගණනක වංචාවක් සිදුකර ඇති බවද ඔහු වැඩිදුරටත් හෙළිදරව් කළේය.














