යුක්‍රේනයේ කියෙව් (Kyiv) අගනුවර සහ ඒ හා සමාන තීරණාත්මක ප්‍රදේශ ඉලක්ක කරගනිමින් රුසියාව විසින් අඛණ්ඩ දෙවන දිනටත් දැවැන්ත ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් එල්ල කර තිබේ.
මෙම ප්‍රහාරවලින් කියෙව් නගරයෙන් පිටත අවම වශයෙන් එක් අයෙකු මියගොස් ඇති අතර, නිවාස 16කට, ගබඩා සංකීර්ණ 14කට සහ මහල් නිවාස සංකීර්ණ 3කට හානි සිදුව ඇති බව ආණ්ඩුකාර තිමූර් ට්කචෙන්කෝ (Tymur Tkachenko) තහවුරු කරයි. යුක්‍රේනයේ විශාලතම පෞද්ගලික කුරියර් සේවාව වන Nova Poshta හි වර්ගීකරණ මධ්‍යස්ථාන, Epicenter ගෘහ භාණ්ඩ වෙළෙඳසැල් සහ ප්‍රධාන පොත් ගබඩාවක් ද මෙම ප්‍රහාරවලින් විනාශ වී ඇත. කියෙව් නගරයේ ජන ජීවිතය සහ ගුවන් ආරක්ෂණ පද්ධති අක්‍රිය කිරීමේ අරමුණින් රුසියාව මෙලෙස ඩ්‍රෝන රංගනයන් සිදුකරන බව යුක්‍රේන ආරක්ෂක බලධාරීහු පවසති.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














