මෙරට මත්ද්‍රව්‍ය සහ මත්පැන් භාවිතය හේතුවෙන් දිනකට පුද්ගලයින් 80ත් 100ත් අතර ප්‍රමාණයකට දිවි අහිමි වන බව රජරට විශ්වවිද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ පීඨාධිපති ආචාර්ය මනෝජ් ප්‍රනාන්දු මහතා පවසයි.
අද (28) පැවැති “රටම එකට” ජාතික මෙහෙයුමට අදාළ මාධ්‍ය හමුවේදී ඒ මහතා පෙන්වා දුන්නේ, මෙරටින් වැඩිම මරණ සංඛ්‍යාවක් වාර්තා වන තනි පුද්ගල හේතුව දුම්පානය ඇතුළු මත්ද්‍රව්‍ය භාවිතය බවයි. හෙරොයින් සහ ගංජා වැනි නීති විරෝධී මත්ද්‍රව්‍ය භාවිතයට බොහෝ දෙනා යොමුවන්නේ නීතිගත මත්ද්‍රව්‍යයක් වන දුම්පානයෙන් ලබාගන්නා ආරම්භය හරහා බව සාක්ෂි සහ දත්ත මඟින් අනාවරණය වී ඇතැයි ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.














