2026 වසරේ මේ දක්වා කාලය තුළ ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියලේ අගය 5.7%කින් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව (CBSL) නිකුත් කළ නවතම සතිපතා ආර්ථික දර්ශක වාර්තාවේ සඳහන් වේ.
එම වාර්තාවට අනුව, අගෝස්තු 28 වන විට සාමාන්‍ය වැයබරිත ප්‍රමුඛ ණය දීමේ අනුපාතිකය (AWPR) පදනම් ලක්ෂ්‍ය 9කින් ඉහළ ගොස් 10.95%ක් ලෙස සටහන් වී ඇත. මේ අතර දේශීය මුදල් වෙළෙඳපොළේ අතිරික්ත ද්‍රවශීලතාව රුපියල් බිලියන 318.13 දක්වා ඉහළ ගොස් ඇති අතර, කොළඹ කොටස් වෙළෙඳපොළේ සියලු කොටස් මිල දර්ශකය (ASPI) 0.47%කින් සහ S&P SL20 දර්ශකය 0.38%කින් පහත වැටී තිබේ. කෙසේ වෙතත්, රාජ්‍ය භාණ්ඩාගාර බිල්පත් සහ බැඳුම්කර සඳහා වූ විදේශීය ආයෝජන 3.98%කින් ඉහළ ගොස් ඇති බවද එම වාර්තාව වැඩිදුරටත් පෙන්වා දෙයි.














