යුක්‍රේනය විසින් එල්ල කරන ලද අඛණ්ඩ ඩ්‍රෝන ප්‍රහාර හමුවේ රුසියාවේ ප්‍රධාන පෙළේ තෙල් පිරිපහදු මධ්‍යස්ථාන රැසක් අක්‍රිය වීම නිසා රුසියාවට අවශ්‍ය පෙට්‍රල් ප්‍රමාණයෙන් නිෂ්පාදනය කිරීමට හැකිව ඇත්තේ 70%ක් පමණක් බව වාර්තා වේ.
මේ හේතුවෙන් රුසියාවට දිනකට පෙට්‍රල් ටොන් 35,000ක පමණ දැඩි හිඟයකට මුහුණ දීමට සිදුව ඇත. අර්බුදය හමුවේ රුසියාවේ ඇතැම් ප්‍රදේශවල ඉන්ධන සීමා පනවා ඇති අතර, රථවාහන අංක තහඩුවේ අංකයට අනුව සතියේ නියමිත දිනවල පමණක් ඉන්ධන ලබාදීම සහ එක් වාහනයකට ලබාදෙන ඉන්ධන ප්‍රමාණය සීමා කිරීමට පාලනාධිකාරිය පියවර ගෙන තිබේ. පවතින තත්ත්වය කළමනාකරණය කරගැනීම සඳහා රුසියාව පෙට්‍රල් අපනයනය සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර, බෙලාරුස් සහ ආසියානු රටවලින් වැඩි වශයෙන් ඉන්ධන ආනයනය කිරීමට පටන් ගෙන ඇත. යුක්‍රේනය විසින් රුසියානු ආර්ථිකයේ හදවත බඳු තෙල් පිරිපහදු ඉලක්ක කර එල්ල කරන ප්‍රහාරවල සෘජු බලපෑම මේ වන විට රුසියානු සාමාන්‍ය ජනතාවට දැරීමට සිදුව තිබේ.
තොරතුරු උපුටා ගැනීම: Mario nawfal(X) ඇසුරින්














