චීන ඔත්තුකරුවන් විසින් ඇමෙරිකානු එක්සත් ජනපදයේ සෙනෙට් මණ්ඩලය, ෆෙඩරල් රිසර්ව් බැංකුව (Federal Reserve) සහ නාසා (NASA) ආයතනය ඇතුළු රාජ්‍ය ආයතන රැසක් හැක් (Hack) කළ බවට මීට පෙර කළ ප්‍රකාශ ඇමෙරිකානු ආරක්ෂක නිලධාරීන් විසින් සංශෝධනය කර තිබේ.
ඇමෙරිකානු අධිකරණ දෙපාර්තමේන්තුව (Justice Department) මගින් නිකුත් කළ නවතම නිවේදනයක දැක්වෙන්නේ, ‘QTFY’ නමැති චීන ඔත්තු සේවා සයිබර් ජාලයේ ප්‍රහාරවලට මෙම රාජ්‍ය ආයතන ගොදුරු වූ බවට (Victims) මීට පෙර සඳහන් කළද, සැබවින්ම සිදු වී ඇත්තේ එම ආයතන එකී චීන සයිබර් ප්‍රහාරකයන්ගේ “ඉලක්ක” (Targets) බවට පත්වීම පමණක් බවයි. අධිකරණ දෙපාර්තමේන්තුව, FBI සහ CISA ආයතන මගින් නිකුත් කළ අදාළ වාර්තාවල නිවැරදිභාවය තහවුරු කිරීම සඳහා මෙම වෙනස්කම් සිදුකළ බව සඳහන් කළද, අදාළ ආයතනවලින් කුමන ඒවා ඇත්ත වශයෙන්ම සයිබර් ප්‍රහාරවලට ලක්වී ඇත්දැයි මෙතෙක් නිශ්චිතව තහවුරු කර නොමැත.
තොරතුරු උපුටා ගැනීම: Reuters ඇසුරින්














