තංගල්ල පොලිස් වසමේ මහගොඩ ප්‍රදේශයේදී ඊයේ (අගෝස්තු 28) රාත්‍රියේ සිදුවූ පහරකෑමකින් බරපතල තුවාල ලැබූ පුද්ගලයෙකු තංගල්ල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබේ.
පොලිසිය සඳහන් කරන පරිදි මෙලෙස මියගොස් ඇත්තේ මහගොඩ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි. මරණකරු සහ ඔහුගේ සහෝදරයා අතර ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් 28 හැවිරිදි සැකකාර සහෝදරයා පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, තංගල්ල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.














