දශක පහකට වැඩි කාලයකට පසු ප්‍රථම වරට සඳ වටා පියාසර කිරීමේ ඓතිහාසික Artemis II මෙහෙයුමට දායක වූ ගගනගාමී කණ්ඩායම අගය කරමින්, ඇමෙරිකා එක්සත් ජනපදයේ අභ්‍යවකාශ ක්ෂේත්‍රයේ ඉහළම ගෞරව සම්මානය වන Congressional Space Medal of Honor පිරිනැමීමට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කටයුතු කර ඇති බව Free Press Journal වාර්තා කරයි.
ධවල මන්දිරයේ පැවැති විශේෂ උත්සවයකදී මෙම සම්මාන පිරිනැමූ ජනාධිපතිවරයා, ඇමෙරිකාවේ අභ්‍යවකාශ ආරක්ෂණය, පර්යේෂණ සහ පුහුණු කිරීම් විධිමත් කිරීම වෙනුවෙන් ප්‍රථම ඇමෙරිකානු අභ්‍යවකාශ ඇකඩමිය පිහිටුවීමට අදාළ විධායක නියෝගයටද අත්සන් තබා ඇත. අනාගත අභ්‍යවකාශ මෙහෙයුම් සහ තාක්ෂණික නායකත්වය තහවුරු කිරීම සඳහා මෙම පියවර අතිශය තීරණාත්මක වනු ඇති බවත්, අභ්‍යවකාශ බලවතා ලෙස ඇමෙරිකාවේ ස්ථානය තවදුරටත් ආරක්ෂා වන බවත් ට්‍රම්ප් වැඩිදුරටත් සඳහන් කළේය.














