ඉරාන ඛනිජ තෙල් අලෙවියෙන් ලැබුණු ඇමෙරිකානු ඩොලර් බිලියන 7.5ක දැවැන්ත මුදල් ප්‍රමාණය සාර්ථකව ඉරාන මධ්‍යම බැංකුව වෙත බැර වී ඇති බව ඉරාන නිලධාරීන් තහවුරු කළ බව Al Jazeera පුවත් සේවය වාර්තා කරයි.
ඇමෙරිකාව විසින් පනවා ඇති දැඩි ආර්ථික සහ මූල්‍ය සම්බාධක මෙන්ම මධ්‍යම පෙරදිග කලාපයේ පවතින දැඩි යුධමය උණුසුම් තත්ත්වය හමුවේ වුවද, සිය ප්‍රධානතම ආදායම් මාර්ගය වන ඛනිජ තෙල් අපනයනය කර මූල්‍ය සංචිත ශක්තිමත් කරගැනීමට ඉරානයට හැකි වී තිබේ. මෙම මුදල් ප්‍රමාණය මධ්‍යම බැංකුව වෙත ලැබීමත් සමග රට තුළ පවතින උද්ධමනය පාලනය කිරීමටත්, දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව ඇති දේශීය ආර්ථිකය ස්ථාවර කරගැනීමටත් ඉරාන රජයට මහඟු පිටුවහලක් වනු ඇතැයි ආර්ථික විදෙස් විචාරකයෝ පෙන්වා දෙති.














