සෙවනගල ප්‍රදේශයේ පවත්වාගෙන ගිය නීතිවිරෝධී ගංජා හේන් වැටලීම සඳහා පොලිස් විශේෂ කාර්ය බලකාය (STF) විසින් විශේෂ මෙහෙයුමක් දියත් කර තිබේ.
ප්‍රදේශයේ ව්‍යාප්ත වෙමින් පවතින නීතිවිරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩපැවැත්වීමේ අරමුණින් ක්‍රියාත්මක කළ මෙම මෙහෙයුමේදී, සැඟවුණු ප්‍රදේශවල අක්කර ගණනක වගා කර තිබූ ගංජා හේන් රැසක් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් සම්පූර්ණයෙන්ම වටලා විනාශ කර දැමීමට කටයුතු කර ඇත.
මෙම වැටලීම් සහ විමර්ශන කටයුතු තවදුරටත් ක්‍රියාත්මක වන බව පොලිස් විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.













