අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර මහතාගේ හැසිරීම දැඩි ලෙස විවේචනය කරමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මිලින්ද රාජපක්ෂ මහතා පවසන්නේ ආණ්ඩුව යනු පැලවත්තේ පිහිටි පෞද්ගලික සමාගමක් හෝ චිත්‍රපට නිෂ්පාදනාගාරයක් නොවන බවයි.
බන්ධනාගාර ඝාතන රැල්ලෙන් පසුව අධිකරණ අමාත්‍යවරයා උදෑසන කඳුළු සලමින් රංගනයක නිරත වූ අතර, පසුව පැලවත්තේදී මාධ්‍ය වෙත තර්ජනය කරමින් චණ්ඩිකම් පෙන්වීමට උත්සාහ කළ බව ඔහු සඳහන් කරයි.
22 වන සංශෝධනය සම්මත කරගැනීමට පෙරම මාධ්‍ය මර්දනයට සහ තර්ජනවලට මුලපුරන මෙම ආණ්ඩුව, පාර්ලිමේන්තුවේ ආසන 159ක බලයක් තිබූ පමණින් තමන්ට දිව්‍යමය බලයක් හිමිවී ඇතැයි සිතා සිටින බවද මිලින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් චෝදනා කළේය.
















