නේපාලයට බලපෑ හදිසි ගංවතුර තත්ත්වය හේතුවෙන් අනතුරට ලක්වූ විදේශීය පුරවැසියන් 184 දෙනෙකු මේ වන විට මුදාගෙන ඇති බව නේපාල සංචාරක මණ්ඩලය තහවුරු කර තිබේ.
තවත් බෙල්ජියම් ජාතිකයෙකු සහ ස්පාඤ්ඤ ජාතිකයින් දෙදෙනෙකු නේපාල බලධාරීන් සමඟ සන්නිවේදනය කරමින් පසුවන බව ද එම මණ්ඩලය උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත. කෙසේ වෙතත්, මෙම ස්වාභාවික ආපදාව හේතුවෙන් තවත් විදෙස් ජාතික සංචාරකයින් 420 දෙනෙකු තවමත් අතුරුදහන්ව සිටින බව වැඩිදුරටත් සඳහන් වේ.
















