ජනගහන අඩුවීම, බඳවා ගැනීමට සිටින පිරිස් ප්‍රමාණය අඩුවීම මෙන්ම සමානාත්මතාවය තහවුරු කිරීමේ අරමුණින්, පෙරමුණේ සේවය කිරීම සඳහා කාන්තාවන්ට ද අනිවාර්ය යුධ සේවය හඳුන්වා දීමට දකුණු කොරියාව නැඹුරු වෙමින් පවතී. නවතම මත විමසුමකට අනුව දකුණු කොරියානුවන්ගෙන් 60කට ආසන්න පිරිසක් තරුණ කාන්තාවන්ට ද පිරිමින් මෙන් අනිවාර්ය යුධ සේවය හඳුන්වා දීමට පක්ෂව අදහස් දක්වා ඇති බව වාර්තා වේ.
ජාතික ආරක්ෂක සැලැස්මේ සංශෝධනයක් මෙම සරත් සෘතුවේදී එළිදැක්වීමට නියමිතව ඇති පසුබිමක් තුළ මෙම කාරණය යළි මතු වී තිබේ. දැනටමත් දහස් සංඛ්‍යාත කාන්තාවන් ස්වේච්ඡාවෙන් දකුණු කොරියානු සන්නද්ධ අංශවල සේවය කළද, උත්සන්න වන ජනමතය සහ හමුදාව තුළ තාක්ෂණික දියුණුව හේතුවෙන් ශාරීරික ශක්තියට වඩා තාක්ෂණය මත යැපෙන පසුබිමක් නිර්මාණය වීම මෙම තත්ත්වයට ප්‍රධාන හේතු වී ඇත.
















