කොංග්රස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ නායිකා සෝනියා ගාන්ධිගේ නම ඡන්ද හිමි නාමලේඛනයට නීතිවිරෝධී ලෙස ඇතුළත් කළ බවට චෝදනා කරමින් ගොනුකළ පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත්කිරීම නව දිල්ලියේ ද්වාරකා අධිකරණය විසින් සැප්තැම්බර් 21 වැනිදා දක්වා කල්දමා ඇති බව ANI News පුවත් සේවය වාර්තා කරයි.
විශේෂ විනිසුරු විශාල් ගොග්නේ විසින් ජූලි 25 වැනිදා මෙම නඩුවේ තීන්දුව රක්ෂිතව තබාගෙන තිබූ අතර, විනිසුරුවරයාගේ ස්ථාන මාරුවීම් හේතුවෙන් නියමිත පරිදි තීන්දුව ප්‍රකාශයට පත්කිරීම කල් තබන ලදී. 1983 වසරේ පුරවැසිභාවය ලබාගැනීමට පෙර, 1980 වසරේදී සෝනියා ගාන්ධිගේ නම ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් කර ඇත්තේ ව්‍යාජ ලේඛන සකස් කිරීමෙන් බවට විකාස් ත්‍රිපති නමැත්තා චෝදනා කරයි. කෙසේ වෙතත්, මෙය දේශපාලනික අරමුණින් ගොනුකළ පදනම් විරහිත පෙත්සමක් බවත්, ඉදිරිපත් කර ඇති ලේඛන සත්‍ය නොවන බවත් සෝනියා ගාන්ධිගේ නීතිඥ මණ්ඩලය අධිකරණය හමුවේ තර්ක කර ඇත.
















